පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

EUR/USD සඳහා ප්‍රකාශයට පත් කරන ලද අනුමානයන් 100% ක් නිවැරදි හා සත්‍ය බවට සනාථ වී තිබේ. අප ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන සිදුවීම පිළිබඳ ගත් කළ එය පහත සඳහන් ලෙස ආවර්ජනය කළ හැක. "මෙම ව්‍යවහාර මුදල් යුගලයේ දිගින් දිගටම සිදු වූ වර්ධනය සම්පුර්ණයෙන්ම විය හැකි දෙයක් වුවත් එය එතරම් සැලකිල්ලට ගත යුතු නොවේ." එය 1.0850 ත් 1.0900 අතර පරාසයට පැමිණි පසු එය නැවත අඩ කවාකාරව පහළට ගියේ ය. අපට 1.0650 ළඟම සහාය (support) ලෙස නම් කළ හැක. සෑම දෙයක්ම පසු ගිය සතියේ විස්තර කල ආකාරයට සත්‍ය වශයෙන්ම සිදු විය. මුල් සඳුදා දින තිබු පරිදි මෙම ව්‍යවහාර මුදල් යුගලය 1.0905 දක්වා උස් ස්ථානයට කරා ළඟා විය. මෙම ව්‍යවහාර මුදල් යුගලය ඉතා වේගයෙන් හා ඉතා තියුණු ආකාරයට, හොඳ සංයමයක් සමග 255 දක්වා ළඟා වූ අතර එය විශේෂඥයන් විසින් නිශ්චිතව සඳහන් කළ ස්ථානය වන 1.0650 දී මෙම සතිය අවසන් විය.

GBP/USD වල අනුමානයන්ට වලට අනුව විශ්ලේෂකයන් විසින් මෙම ව්‍යවහාර මුදල් යුගලය නාලිකාවේ 1.2420 ත් 1.2570 අතර මද වේලාවකට පැවතිය හැකි බව පෙන්වා දුන්නේ ය. ඇත්ත වශයෙන්ම, මෙම නාලිකාවේ සීමාව වන 45 ස්ථානයේ දී අවසන් විය. සති කිහිපයක් තුළ මෙම ව්‍යවහාර මුදල් යුගලය, අවමය 1.2375 සිට 1.2615 උපරිම පරාසය තුළ ගමන් කළේ ය. මෙම සැසිය අවසන් වන වන විට, මධ්‍ය කාලීන මට්ටම හි ප්‍රතිරෝධය වන 1.2550 ත් 1.2570 අතර මට්ටමේ හි පවතින ලදී.

USD/JPY සඳහා ලබා දුන් අනුමානයන් පිළිබඳ කතා කළහොත් විශ්ලේෂකයන්ගෙන් අඩක් පමණ ප්‍රමාණයක් මෙම ව්‍යවහාර මුදල් යුගලය පහළ බසින බවට ප්‍රකාශ කළ අතර ඉතිරි විශ්ලේෂකයන් මෙය ඉහල යන බවට ප්‍රකාශ කළේ ය. ඇත්ත වශයෙන්ම එය සිදු විය. මීට සති දෙකකට පෙර 111.60 හි පැවති ප්‍රබල සහයෝගය බිද දමමින් මෙම ව්‍යවහාර මුදල් යුගලය පසු ගිය සතියේ 110.10 දක්වා පහළ බසින ලඳි. ඊට පසුව එය නැවත ඒ හා සමාන වූ සහාය මට්ටමට ලඟා වූ අතර එය සම්පුර්ණයෙන් වෙනස් වී ප්‍රතිරෝධක (resistence) මට්ටමට පැමිණියේ ය.

පසුගිය සතියේ, ව්‍යවහාර මුදල් යුගලයක් වන USD/CHF හි හැසිරීම පිළිබඳ කතා කලහොත්, විශ්ලේෂකයන් බොහොමයක් මෙම ව්‍යවහාර මුදල් යුගලය නැවත වරක් EUR/USD වල ප්‍රස්ථාරයට හා එහි උච්ඡාවචනයට සමාන බවක් පිළිබිඹු කරන බව තීරණය කරන ලදී. නැවත වරක් ඔවුන් නිවැරදි බව මෙයින් පෙන්නුම් කරනු ලබයි. මෙම ව්‍යවහාර මුදල් යුගලය සඳුදා දින 0.9813 දක්වා පහත වැටුණු අතර පසුව එය නැවත හැරී 217 ක ලකුණු ලබා ගනිමින් සිකුරාදා දින ඉහළම ස්ථානයක් වන 1.0030 දක්වා ළඟා විය.

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ .

EUR / USD මුදල් යුගලය පිලිබඳව විශේෂඥයන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් තම කැමැත්ත පළ කරේ මෙම මුදල් යුගලය මෙම ඉදිරි සතිය ඇතුලත පහළ යා හැකි බවයි, එසේම ආසන්නම ඉලක්කය ලෙස 1.0600 සහයෝගය පෙන්නුම් කර ඇත. ඉන් පසු මෙම මුදල් යුගලය 1.0525 දක්වා තවත් පහළ යාමක් දැකිය හැකි බව විශේෂඥය මතය වූ අතර ඔහුන් සඳහන් කරන්නේ එය පෙබරවාරි සහ මාර්තු යන මාස දෙක තුළ දක්නට ලැබූ අයුරින් 1.0495 දක්වා පහළ යා හැකි බවයි. එම අවස්ථාවේ දී,1/3 දෝලක අනුමාන කරන්නේ මෙම මුදල් යුගලය තාවකාලික ලෙස 1.0750 -1.0775 මෙම කලාප දක්වා ඉහළ යා හැකි බවයි. පැය හතරේ කාලරාමුව තුළින් එය යම් තාක් දුරට තහවුරු කර ඇත. එක්සත් ජනපද ඩොලරය සඳහා සෘණ බලාපොරොත්තු පැවැත්ම ද එක්සත් ජනපදය රැකියා අනුපාත (NFP), අප්‍රේල් මස 7 වෙනි සිකුරාදා දින තුළ නිවේදනය කිරිමට නියමිත දත්ත තුළින් මෙම තත්වය තුළ වෙනස් කම් දැක ගැනීමට හැකි වේ.ඇතැම් අනුමාන වලට අනුව, කෘෂිකාර්මික අංශයේ පිටත නව රැකියා සංඛ්‍යා හේතුවෙන් එය 235K සිට 175K අඩු විය හැකිය.

GBP/USD මුදල් යුගලය පිලිබඳ අනුමාන , පෙර සඳහන් කළ මුදල් යුගලය පිලිබඳ විශ්ලේෂකයින් හා තාක්ෂණික විශ්ලේෂණ අදහස් බොහෝ දුරට සමපාත වේ, ඒ තුළින් පෙන්නුම් කරන්නේ GBP / USD පැමිණෙන විට ඔවුන්ගේ විෂමතා කර්කශ වන බවයි. 90% දර්ශක තුලින් අනුමාන කරන්නේ මෙම මුදල් යුගලය වර්ධනය වී ඉහළ යා හැකි බව ද , දිගින් දිගටම 80% විශේෂඥය මතය වන්නේ මෙම මුදල් යුගලය පහළ යා හැකි බවයි. යම් තරමක් කාලයක් සඳහා යුරෝපා සංගමයේ එක්සත් රාජධානියේ පිටවීමේ කොන්දේසි පිලිබඳ දත්ත මෙම මුදල් යුගල සඳහා ප්‍රවණතා බොහෝ දුරට ඉඩ තීරණය කරනු ඇත. ඉදිරි සතිය තුළ සහය මට්ටම 1.2375- 1.2200 දක්වා සඳහන් කළ අතර ප්‍රතිරෝධ මට්ටම ලෙස 1.2675-1.2725 සඳහන් කර ඇත.

USD/JPY මුදල් යුගලය පිලිබඳ අනුමාන, දර්ශක සහ දෝලක යන දෙවර්ගයම දවසේ කාලරමු උපයෝගී කරගෙන අනුමාන පල කරන්නේ මෙම මුදල් යුගලය 110.10 සිට 112.75 දක්වා ගමන් කර හැකි බවයි. කෙසේ වෙතත්, විශ්ලේෂකයන් සඳහන් කරන්නේ මෙම මුදල් යුගලය ස්ථාවර වර්ධනයක් කර යා හැකි බවයි ඔහුන්ගේ අනුමානයට අනුව සඳහන් වන්නේ මෙම මුදල් යුගලය ඉහළ යා හැකි බවයි. මෙම අනුමාන පළකරන අවස්ථාව වන විටත් සහයකය 70% දක්වා ඉහළ ගොස් ඇත. 113.55-115.20 ප්‍රධාන ඉලක්ක ලෙස නම් කර ඇත.

USD/CHF මුදල් යුගලය පිලිබඳ අනුමානය , මෙම මුදල් යුගලය 70% දක්වා වර්ධනය වී ඇත. කෙටි කාලීන ඉලක්ක ලෙස 1.0100 නම් කර ඇත. ඉන් පසුව එය 1.0170 තෙක් යා හැකි බවට දර්ශක අනුමාන කරයි.එය පැය හතරේ කාලරාමුව තුළ ලගම සහයක මට්ටම ලෙස 0.9980 දක්වා ඇත. 0,9950 විසින් අනුගමනය, සහ සතියේ පහළ ලක්ෂය ලෙස 0.9920 මට්ටම ලෙස ද දක්වා ඇත.