පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

අපි පසුගිය සතියේ ලියා ඇති පරිදි, විශේෂඥයන් හා තාක්ෂණික විශ්ලේෂණයන් අනුමානයන් පළ කළ නමුත් දේශපාලනඥයන් එය යථාර්ථයක් බවට පත් කළේ ය. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතිය යුරෝපයේ ගත කලේ ඔහු සමඟ සම්බන්ධ වී ඇති චෝදනා තාවකාලිකව වසා නිහඬ කිරීමට ය. මෙය මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ අපේක්ෂා ඇති කර ගැනීමට හේතුවක් වූ අතර මැයි මස 25 වන බ්‍රහස්පතින්දා පවතී OPEC සංවිධානයේ පැවති රැස්වීමට හෝ G7 නායකත්ව රැස්වීමට මෙය කල නොහැකි විය. EUR/USD ව්‍යවහාර මුදල් යුගලය නව සිදුවීම් වෙතැයි යන බලාපොරොත්තුවෙන් මුලු සතිය පුරාවටම 1.1160 ත් 1.1267 ත් අතර පැත්තේ කොරිඩෝවේ පැවතුනු අතර සතිය අවසන් කාලය ප්‍රායෝගිකව ආරම්භයේදී තිබු ස්ථානයේදීම එනම් 1.1185 වන විට අවසන් කළේ ය.

GBP/USD ව්‍යවහාර මුදල් යුගලය සඳහා ලබා දී තිබු අනුමානයන් ගත් විට විශේෂඥයන් 75% ක් පමණ මුදල් යුගලය පහළ බසින බවට ප්‍රකාශ කළේ ය. ඔවුන් සතිය අවසන් වන විට නිවැරදි විය.මෙම අනුමානයන් මධ්‍යම කාලීන ස්වභාවයක් ගත්තේ ය. ඒ නිසා GBP/USD ව්‍යවහාර මුදල් යුගලය 265 කින් (1.3040 සිට 1.2775 දක්වා) පහළ බැසීම, පහළ බැසීමේ ආරම්භක ප්‍රවණතාවය පමණක් බව සැලකිය හැක.

USD/JPY ව්‍යවහාර මුදල් යුගලය සඳහා ලබා දී තිබු අනුමානයන් ගත් විට එය මෙසේ පැවසිය හැක. මැයි මස දෙවෙනි සති මැද ඇති වූ කම්පනයට පසුව හුදෙක් EUR/USD ලෙස ගමන් කිරීමට තීරණය කළේ ය. සතිය පුරාවටම මෙම යුගලය නාලිකාවේ පැති අතට ගමන් කළ අතර 111.30 වටා භ්‍රමණය වෙමින් පැවතුනි. කෙසේ වෙතත් එය සතියේ සැසිය අවසන් වන විට ඉතා නිවැරදි ස්ථානයට පැමිණ සිටියේ ය.

USD/CHF මුදල් යුගලය බොහෝ විට EUR/USD මුදල් යුගලයේ උච්චාවච්නයන්ට සමාන වීම සාමාන්‍ය දෙයකි. මෙම කාලය තුල මෙහි ප්‍රපංචයක් නිරීක්ෂණය කළ හැකි විය. එහි අංශික ප්‍රවණතාවය 0.9690 ත් 0.9775 ත් අතර පරාසය තුළ සිමා වන අතර මෙම ව්‍යවහාර මුදල් යුගලය දින පහකට පෙර තිබු ස්ථානය වන 0.9744 දී අවසන් විය.

2017 කාලය තුළ විදේශ විනිමය වෙළෙඳපොළ කලින් කිව නොහැකි ලෙස වෙනස් වන පරිසරයක තිබෙන බව බොහෝ විශ්ලේෂකයින් විශ්වාස කළේ ය. සුපුරුදු ආර්ථික බලවේග වලට වඩා එක්සත් ජනපදයේ ජනාධිපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් මෙයට හේතු වේ.

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ .

පැය හතරේ කාල රාමුව තුළ ඇති ප්‍රස්ථාරික විශ්ලේෂණය මත අවසන් නිගමනය සිදු කළේ නම් ඉදිරි දින කිහිපය තුළ EUR/USD සහයෝග මට්ටමට පහත වැටෙන බවට අපේක්ෂා කරනු ලබයි. නමුත් එය මෙම සහය මට්ටමට එහා ගිය හොත් 1.1000 වන මට්ටමට පහළ බැසිය හැකිය. මෙම තත්වය තුළ ප්‍රධාන ප්‍රතිරෝධය 1.1270 මට්ටම යි. පැය හතරේ කාල රාමුව මත ඇති ප්‍රවණතා දර්ශක හා දෝලකයන් බහුතරයක් මෙන්ම 60% ක් පමණ විශේෂඥයන් මෙම අනුමානයන් සමඟ එකඟ විය.

ඒ සමග ම, සිකුරාදා දින එක්සත් ජනපද ශ්‍රම වෙළෙඳපොළ (NFP) පිළිබඳ දත්ත ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ යුතු ය: මෙම NFP පිළිබඳ ඇති අනුමානයන් ඩොලරයේ චලනයන්ට ඉතා වැදගත් වූ නමුත් එය එක්සත් ජනපද ඩොලරයේ සෘණාත්මක දැක්මක් ද යෝජනා කළේ ය. කෙසේ වුවත් විශ්ලේෂකයින් 40% ක් පමණ මෙම ව්‍යවහාර මුදල් යුගලය 1.1400 ට වර්ධනය වී ආපසු මුදල් යුගලය පහළ බසින බවට අපේක්ෂා කළේ මේ හේතුව නිසාය.

මධ්‍ය කාලීනව EUR/USD පරිහානියට පත්වේ යැයි සහය දක්වන සහායකයන් 80% ක් ද ඉක්මවා ගියේ එය කලින් තිබු ආකාරයට ය.

GBP/USD වල අනාගත අනුමානයන් පිළිබඳ ගත් කළ, මෙහි ස්වාභාවිකවම දර්ශක බහුතරයක් පැහැදිලිවම පහළට බසින බව ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, ඉදිරි අනාගතයේ දී විශේෂඥයන් 80% පමණ මෙම ව්‍යවහාර මුදල් යුගලය 1.2755 ට වඩා පහළ නොබසින බවට හා මාර්තු මැද සිට නාලිකාවේ ඉහළට ගමන් කරන බවට හා එය 1.3050 වන ප්‍රතිරෝධය බිද දමන බවට ප්‍රකාශ කළේ ය. මධ්‍ය කාලීන අනුමානයන්ට අනුව විශ්ලේෂකයින් 70% ක් පමණ මෙය පහළ බසින බවට හා සතිය අවසන් වන විට මුදල් යුගලය 1.2400 ත් 1.2615 ත් අතරට පැමිණෙන බව ප්‍රකාශ කළේ ය.

USD/JPY. මෙම ව්‍යවහාර මුදල් යුගලයේ ලබන සතියේ හැසිරීම සම්බන්ධයෙන් ගත් විට විශේෂඥයන් සමාන කණ්ඩායම් දෙකට බෙදී සිටියේ ය. 50% ක් විශේෂඥයන් මෙම ව්‍යවහාර මුදල් යුගලය වර්ධනය වන බවට හා 50% ක් පරිහානයට පත් වන බවට අනුමාන කළේ ය. මේ අතරතුර පැය හතරේ කාල රාමුව අනූව ප්‍රස්ථාරික විශ්ලේෂණයන් සඳහා පහත තත්වයන් යෝජනා කළේ ය. පළමුව ව්‍යවහාර මුදල් යුගලය 110.85 ත් 111.00 ත් අතර පරාසයට පහළ වැටෙන බවටත් ඉන් පසුව එය 111.90 වන ප්‍රතිරෝධ මට්ටමට වර්ධනය වන බවටත්, මෙම සිදුවීමේ දී මෙහි ප්‍රතිරෝධය බිඳ වැටුණොත් මෙම ව්‍යවහාර මුදල් යුගලය 112.50 ට පැමිණිය යුතු බවට ප්‍රකාශ කළේ ය. එක් දින කාල රාමුවට අනුව මෙම බලාපොරොත්තු වූ වෙනස්කම් සිදු නොවීය. පහත වැටීම 110.00 ට අපේක්ෂා කළ අතර ඉන් අනතුරුව ව්‍යවහාර මුදල් යුගලය නැවතත් 112.25 ට ගමන් කරනු ඇති යි අපේක්ෂා කළේ ය. මධ්‍ය කාලීන සටහනට අනුව මෙහි වෙනසක් සිදු නොවීය. 80% ක් පමණ විශ්ලේෂකයන් සමූහයක් මුදල් යුගලයේ වර්ධනයක් අපේක්ෂා කළේ ය. එම වර්ධනය 114.50 දක්වා විය.

අවසාන මුදල් යුගලය වන USD/CHF පිලිබඳ සමාලෝචනය , මේ මොහොත වන විට පැය හතරේ කාලරාමුව H4 සහ දෝලක වලින් භාගයකට ආසන්න ප්‍රමාණයක් අදහස් ඉදිරිපත් කරන්නේ මෙම මුදල් යුගලය දිගු කාලීන ලෙස පහළ යා හැකි බවයි. එසේම දර්ශක තම අනුමානයන් ලෙස ඉදිරිපත් කරන්නේ මෙම මුදල් යුගලය මධ්‍යස්ථ තත්වයේ පැවතිය හැකි බවත් එය 0.9690-0.9775 පරාස තුළ චලනය විය හැකි බවයී .විශේෂඥයන්ගෙන් 70% මෙම මතය සමඟ එක් විය, තවද ඔහුන් විශ්වාස කරන්නේ මෙම මුදල් යුගලය අවම වශයෙන් තව එක් වරක් මෙම නාලිකාවේ පහළ සීමාව දක්වා ලඟා වන බවයි. මෙය බොහෝ දුරට සනාථ කිරීම සඳහා විචාරකින් ,පැය හතරේ H4 කාල රාමුව සහ චිත්රක විශ්ලේෂණ මතය ආදාර කොට ගෙන ඇත 0.9890-0.9965 කලාප ඔහුන් ඉලක්ක කලාප ලෙස දක්වා ඇත.